Wednesday 15th of April 2026

English Tamil
Advertiesment


සටන් විරාමය පෙන්වා ඇමරිකාව යුද්ධයෙන් පලා යයි


2026-04-09 1252

 

ඊයේ (08) එළිවෙන අතේ ලෝකයට යම් සහනදායී ආරංචියක් ආවා.එලිවෙන පාන්දර රටේ රාළගේ ප්‍රංශයේ ඉන්න මිතුරියක් කිව්වා පකිස්ථානය මැදිහත්වීමෙන් සති දෙකක සටන් විරාමයකට ඉරානය සහ ඇමරිකාව එකඟ වුනා කියලා, හෝමෝස් සමුද්‍ර සන්ධිය විවෘත කරන්නත් ඉරානය එකඟවුන බවත් කිව්වා.

ඇත්තටම ඒ ආරංචිය ලක්ෂ 17කට වඩා මැදපෙරදිග කලාපයේ ඉන්න ශ්‍රී ලාංකිකයන්ගේ පවුල්වල අයට ලොකු අත්වැසිල්ලක් වෙන්න ඇති. සටන් විරාමය අවුල් කරන්න ඊශ්‍රායලය ලොකු උත්සාහයක් ගන්නවා.ඊයේ මේ යුද්ධයේදී ඊශ්‍රායලය ලෙබනනයට එල්ල කරපු දැවැන්තම ප්‍රහාරය එල්ල කළා.ඉරාන තෙල් පර්යන්තකටත් පහරදුන්නා.මේ එක්කම ඊශ්‍රායලය සහ ඉරානය එකිනෙකාට තවමත් පහරදීගන්නවා.

ඒ වගේම මැදපෙරදිග ඇමරිකානු හිතවාදී රටවලට ඉරානය අවස්ථා කීපයකදී පහරදීලා තිබුණා.මේ පරහරදීම් 10 වෙනිදා පකිස්ථානයේ ඉස්ලාම්බාද්වල තියන ඉරාන ඇමරිකානු සාකච්ඡාවලට බාධාවක් වෙන්න පුළුවන්. ලෙබනනයට පහරදීම නැවැත්තුවේ නැත්තං ඉරානය සාකච්ඡා මේසයට එන්නේ නැති බව කියනවා.ඒක නිසා සටන් විරාමයක් ඇතිවුනා කිව්වට තත්වය තවමත් අවිනිශ්චිතයි.

ඉරාන පැත්තෙන් දීර්ඝකාලීන සටන් විරාමයක් සදහා යෝජනා 10 ඉදිරිපත් කරලා තියනවා. ඇමරිකාවෙනුත් සාකච්ඡා සදහා යෝජනා ඉදිරිපත් කරලා තිබුනත් එයාලගේ ප්‍රධාන යෝජනාව හෝර්මූස් විවෘත කර ගැනීම.මේ යෝජනාවලින් කොයි කොයි ඒවට දෙපැත්තේ එකඟතාවය හැදෙයිද නැද්ද කියලා දැනට කියන්න බෑ.දැනට තියන එකඟතාවය තමයි ඇමරිකාව ඉරානයට පහරදීම නතර කරනවා ඉරානය හෝර්මූස් විවෘත කරනවා.

ඉරාන - ඇමරිකා සාකච්ඡා සාර්ථකවෙලා දිගුකාලීන සටන් විරාමයකට ගියොත් එතනදී ඉරානය පැත්තට වැඩි වාසි හිමිවෙන්න තියන අවස්ථාව ගොඩක් වැඩිය.ඉරානය මේ වෙනකොටත් යුද්ධ ජයග්‍රහණයක් ප්‍රකාශ කරලා තියනවා.මීට කලින් තිබුන දින 12 යුද්දෙන් පස්සෙත් ඉරානය මේ විදිහටම ජයග්‍රහණය ප්‍රකාශ කළා.ඇත්තටම මේ යුද්ධයේදී ඇමරිකාවට සහ ඊශ්‍රායලයට ඉරානයේ හැකියාව ගැන තේරුම් ගත්තේ නෑ.

එයාලා හිතුවේ ඉරානයට ඊශ්‍රායලය දක්වා පහර දෙන්න පුළුවන් පරාසයේ මිසයිල තියනවා කියලා විතරයි.ඒවත් බොහොම පහසුවෙන් ඇමරිකාවට සහ ඊශ්‍රායලයට ඉන්ටර්සෙප්ට් කරන්න පුළුවන් කියලයි.ඉරානයත් දින 12හේ යුද්ධ ඇතුලේ යුද්ධ කරපු විදිහෙන් එකක් පැහැදිලියි.එයාලා බලාපොරොත්තු උන යුද්ධය ඒක නෙවෙයි ඊට වැඩිය ලොකු යුද්ධයක් තමන් වෙතට එන බව ඉරානය දැනෙන හිටියා වගේම ඉරානය ඒකට රහසිගතව සූදානම් වුනා.

ඉරානය සතු හැකියාව ඒ දක්වා හතුරාගෙන් වසන් කරගෙන ඉන්න ඉරානයට පුළුවන් වුනා.දවස් හතරකින් යුද්ධය ඉවර කරලා යන්න ආපු ඩොනල්ඩ් ට්‍රම්ප්ට අන්තිමට සටන් විරාමයක් පෙන්නලා පැනලා යන්න සිද්ධවුනා.මේ යුද්ධය පටන් අරගත්තට පස්සේ රටේ රාළ ලියපු පලවෙනි ලිපියෙන්ම කිව්වා මේ යුද්ධය ඇමරිකාවට දිනන්න බෑ කියලා.ඒ වගේම ඇමරිකාවට තවත් වියට්නාම් යුද්ධයක් බවට මේ යුද්ධය පත්වෙනවා කියලා.ඒ රටේ රාළ ඉරානය ගැන ඉතා කිට්ටුවෙන් හදාරලා තියන නිසයි.

ඉරාන ජාතිකයා කියන්නේ,ඉරාන සංස්කෘතික කියන්නේ,ඉරාන දේශාභිමානය කියන්නේ මහා බර සංකල්පයක්.ඇත්තටම ඒ හා සමාන වීරත්වයක් කියුබාවේදී සහ වියට්නාමයේදී අපිට හම්බ වෙනවා.කියුබාව සහ වියට්නාමය කියන්නේ මීට කලින් ඇමරිකාව දණ ගස්සපු රටවල් දෙකක්. ඇමරිකාව මේ යුද්ධයට ආවේ කමෙනිගේ රෙජිම වෙනස් කරන්න.ඉරාන න්‍යෂ්ටික වැඩපිලිවෙල විනාශ කරලා දැනට ඉරානය බලගන්වලා තියන ප්ලූටෝනියම් කිලෝ හාරසිය ගාන අරන් යන්න. ඉරානයේ දිගු දුර මිසයිල හැකියාව විනාශ කරන්න.

මැදපෙරදිග ඇමරිකාවට සහ ඊශ්‍රායලයට තියෙන අවසන් හිසරදයත් ඉවර කරලා ඉරානය ඇතුළු වටපිටාවේ රටවල තෙල් සම්පත මංකොල්ල කන්න.ඒ වෙනුවෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් කියන උන්මත්තකයා මානව වර්ගයාට නොගැලපෙන ගොඩක් දේවල් කළා.ඉරානයේ ආධ්‍යාත්මික නායකයා ඇතුළු නායකයන් මරලා දැම්මා.ඉරාන ප්‍රාථමික කාන්තා පාසැලකට පහරදීලා කුඩා දැරියන් 168 එක තැන මරලා දැම්මා.රෝහල්, පාසැල්,විශ්ව විද්‍යාල, කර්මාන්ත ශාලා,තෙල් පර්යන්ත,ජල පවිත්‍රාගාර මේ හැම දේකටම පහර දුන්නා.

ටෙහෙරානය තනිකරම එකම සුන්බුන් ගොඩක්. තවත් අවුරුදු ගාණකට ඒවා ගොඩ නගන්න බෑ. ට්‍රම්ප් කියන උම්මත්තකයා කිව්වේ ලෝකයේ මහා ශිෂ්ඨාචාරයක් උන ඉරාන ශිෂ්ඨාචාරය ලෝකයෙන් තුරන් කරනවා කියලයි.මේ සියලුදේ මැද්දේ එකා පිට එකා මැරිලා වැටෙද්දිත් ඉරාන ජනතාවගේ ආධ්‍යාත්මය වට්ටන්න ඇමරිකාවට බැරිවුනා. මෝසාඩ් එකයි,CIA එකයි දාලා විවිධ කුමන්ත්‍රණ හදලා පාරට ගත්ත ඉරාන විරෝධතාකරුවන්ට විරුද්ධ ජනතාව පාරට ආවා.

ඇමරිකාව ගුවන් ප්‍රහාර එල්ල කරයි කියලා කියපු තැන්වලට ජනතාව ඇවිත් වට කළා.ලංකාවේ ඉන්න සමහර කුලී ලියන්නෝ ඒවා මිනිස් පලි කියලා කිව්වා.එයාලා මිනිස් පලි දැකලා නැතිව නෙවෙයි ඒත් ඩෙලර්වලට සේවය කරන හින්දා එහෙම කියන්න වෙනවා.අන්තිමට ඇමරිකාවට අද සියල්ල අහිමිවෙලා. මැදපෙරදිග තිබුණ ඇමරිකන් කඳවුරු සියල්ල දාලා දුවලා.අද ඇමරිකන් සොල්දාදුවෝ ගොඩක් ඉන්නේ හෝටල් ඇතුලේ හැංගිලා.ඇමරිකානු ගුවන් බලයට සැලකිය යුතු හානියක් වෙලා.

මහා ලොකුවට කයිවාරු ගහලා ඉරානය අසලට ගෙනාපු ජෙරල් පෝට් නැවට ඉරාන ප්‍රහාර එල්ලවුනා.USS ඒබ්‍රහම් ලින්කන් නැව හැමවෙලේම තියා ගත්තේ ඉරානයට වඩා කිලෝමීටර් 1500කට වැඩිය දුරින්.ඇත්තටම ඇමරිකන් කාරයා හෝර්මූස් සමුද්‍ර සන්ධිය දාලා දිව්වා.ලෝක ඉස්සරහා කයිවාරු ගහපූ මහා ලොකු යුධ බලය ඉරානය ඉස්සරහා තුට්ටු දෙකට වැටුණා.ඇමරිකාවට එරෙහිව ලෝකය නැගිට්ටා.ලෝකයේ අසම සම යුධ බලය එක්ක සටන් කරන මේ අදීන ඉරාන ජාතිය ලෝකයේම අවධානය දිනා ගත්තා.

ඇමරිකාව දෙවෙනි නොවෙන යුධ බලයක් විදිහට අද ලෝක පුරා ඉරාන අභිමානය තියලා ඉවරයි. ඇමරිකාවේ උදව්වට හැමදාම එන බ්‍රිතාන්‍යය මේ පාර ආවේ නෑ.ප්‍රංශය ආවේ නෑ විතරක් නෙවෙයි හෝමූර්ස් යුධ ක්‍රියාමාර්ගයකින් නිදහස් කර ගත යුතුයි කියලා බහරේනය හරහා ගෙනාව ඇමරිකානු යෝජනාවට එරෙහිව ප්‍රංශය නිශ්ෂේධ බලය පාවිචිචි කළා.ස්පාඤ්ඤය, ඉතාලිය වගේ රටවල් ට්‍රම්ප්ගේ ක්‍රියාව හෙලා දැක්කා.

ට්‍රම්ප්ට සහය දෙන්න ඉදිරිපත් වුන ජපාන අගමැතිනියට එරෙහිව ජපන් ජනතාව පාරට බැස්සා,යුරෝපයේ ජනතාව පාරට බැස්සා. අන්තිමට ට්‍රම්ප්ට එරෙහිව ඇමරිකාවේ ලක්ෂ 80ක ජනතාවක් පාරට බැහැලා ට්‍රම්ප් කියන පිස්සා යම් පමණකට දණ ගැස්සුවා. ඉරානය තව අවුරුදු දහයකින් හරි නැවත ගොඩනගන්න පුළුවන්. හැබැයි ඇමරිකාව ඇති කරගත්ත මේ කැලල සහ අහිමි කරගත්ත කිර්තිනාමය තව අවුරුදු සීයකටවත් හදන්න බෑ.

ඇමරිකන් ආරක්ෂාව අරන් මහ ලොකු අභිමානයෙන් හිටිය මැදපෙරදිග රටවල්වලට ආරක්ෂාව දෙන්න තියා ඒ රටවල තියන තමන්ගේ කඳවුරු ටිකවත් බේරගන්න ඇමරිකාවට බැරිවුනා. ඇමරිකාව ලෝකය ඉස්සරහා පීචං වුනා.ආයෙත් නං ඇමරිකාව ඉරානය දිහා ඇහැක් ඇරලා බලන්නේ නැති ගානට ඇවිත්.මේ සාකච්ඡා සාර්ථක වෙලා සාමය උදා උනොත් ඒ සාමය එන්නේ ඉරානයට තවත් ජයග්‍රහණය ගණනාවක් එක්ක.

ඒක නිසා මේ යුද්ධ කවදා අවසන් උනත් ඉරාන ජයග්‍රහණයකින් අවසන් වෙන බව ස්ථිරයි.ඉරාන කළේ උපායමාර්ගික යුද්ධයක්. ඇමරිකාව කළේ ආයුධවලින් විතරක් කරන යුද්ධයක්.ඒක ඇතුලේ උපායමාර්ගයක් තිබුණේ නෑ.ඉරාන උපායමාර්ගය ඇතුලේ ගල්ෆ් රටවල් හිරකරගන්න ඉරානයට පුළුවන් වුනා.හෝර්මූස් සමුද්‍ර සන්දිය ඉරානයට යුද්ධයේ පාලන බලය අරන් දුන්නා.ඕනි උනොත් පාව්චිචි කරන්න රතු මුහුදත් විකල්පයක් විදිහට තියාගෙන ඉන්නවා.බලමු තවම යුද්ධය අවසන් නෑ.

 

- රටේ රාළ -
Advertiesment